Cobra Kai

ඔන්න යලුවනේ අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය දන්නේ නැති ඒත් සුපිරිම ටීවී සීරීස් එකක්


බලන්න සුපිරි සීරිස් එකක් නැතුව ඉන්න අයට ඔන්න සුපිරිම සීරිස් එකක් නිකුත් වෙලා. මේ ඒ ගැන..

Story

The Karate Kid පළමු ෆිල්ම් එකෙන් වසර 34කට පස්සෙ තමයි Series එකේ සිදුවීම් සිදුවන්නෙ. Film එක බලපු අයට මතකයිනෙ All Valley Karate Tournament එකේ අවසාන තරගයෙදි ඩැනියල් ලරූසෝ අතින් ජොනී ලෝරන්ස් පරාජයට පත්වෙනව. මේ සිදුවීමෙන් පස්සෙ ජොනී නන්නත්තාර වෙලා, හරියට ජොබ් එකක්වත් නැතුව ඉන්නෙ. ඒත් ඩැනියල් ජීවිතය හොදට සාර්ථක කරගෙන, කාර් ඩීලර් කෙනෙක් ලෙස සාර්ථක ජීවිතයක් තමයි ගතකරන්නෙ. නමුත් ඔහුත් මිස්ටර් මියාගි නැතිව හරියට ජීවිතය බැලන්ස් කරගෙන ගෙවන්න බැරුව තමයි ඉන්නෙ.  ඔන්න මේ අතරෙදි රස්සාවක් නැතුව ඉන්න ජොනී ලෝරන්ස්, ඔහුගෙ අසල්වැසි, පාසලේදි බුලී වලට ලක්වෙන සිසුව සමගින් ඩෝජෝ එකක් ආරම්භ කරනව. ඔන්න ඊට පස්සෙ ඩැනියල්ගෙ සහ ජොනීගෙ ඉස්සර තිබුණ මතභේද නැවත ආරම්භ වෙනව. තාමත් මේ දෙන්න ඉස්සර වගේම ඉන්නෙ හෙන මලෙන්😂 ෆිල්ම් එකේ ෆ්ලෑශ්බැක් සමග කතාව ගලාගෙන යන්නෙ. ඒ වගේම ෆිල්ම් එකේ හතුර වෙන ජොනී ලෝරන්ස්ගෙ දුෂ්ඨි කෝණයෙන් තමයි කතාව ඉදිරිපත් කරන්නෙ.

Cast
කලින් කිවුව වගේම ෆිල්ම් එකේ වගේම සීරිස් එකෙත්   ඩැනියල්ට සහ ජොනට රංගනයෙන් දායක වන්නෙ Ralph Macchio සහ William Zabka.
ඩැනියල්ගෙ බිරිද වන අමන්දා ලරූසෝ සදහා රගපාන්නෙ Courtney Henggeler.
ජොනීගෙ ඩෝජෝ එකේ අසල්වැසි සිසුව වන මිගෙල් සදහා රංගනයෙන් දායක වන්නෙ Xolo Maridueña. ජොනීගෙ පුතා වන රොබී සදහා රගපාන්නෙ Tanner Buchanan. ඊට අමතරව Mary Mouser, Joe Seo, Nichole Brown ආදී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනව.

ෆිල්ම් එකේ  මිස්ටර් මියාගි සදහා රගපාපු Pat Morita, 2005 වසරෙදි මිය ගියා. ඔහුට කරන ගෞරවයක් ලෙස සීරිස් එකේ පස්වන එපිසොඩ් එක ඔහු වෙනුවෙන් වෙන් කරල තියනව.
මේ Karate Kid Sequel එක කවුරුත් නොසිතූ පරිදි සාර්ථක වෙලා තියනව. පරණ Karate Kid ෆිල්ම් එකට ලොකු සාධාරණයක් ඉටු කරල තියනව. සීරිස් එක නිකුත් වෙලා පළමු දවසෙ මුල් එපිසොඩ් එක පමණක් මිලියන පස් දෙනෙක් පමණ නරඹලා තියනව. ඒවගේම දැනට 100%ක Rotten Tomatoes අගයක් සහ 9.2ක IMDB අගයක් ලබාගෙන තියනව. ක්‍රිටික්ස්ල සීරිස් එකට ගොඩක් හොද ප්‍රතිචාර තමයි ලබා දීල තියෙන්නෙ.

Series එක 18+ ලෙස නම් කරල නම් නෑ. ඒත් වැඩිහිටියන්ට පමණක් සුදුසු වූ දර්ශන කිහිපයක්ම තියනව😛. කතා මාලාව පැය භාගයෙ පමණ එපිසොඩ් 10යි. එපිසොඩ් 10ම කිසිම බෝරින් එකක් නැතිව එක දිගට බලන්න පුලුවන්. පමණක් සීන් වලට හිනා කාල මැරෙන්න පුලුවන්😂 සීසන් ෆිනාලේ එකේ අවසාන සීන් එකේ ලොකු සප්‍රයිස් එකක් තියනව කියලත් අමතක කරන්න එපා😉 දෙවෙනි කතා මාලාවත් බොහෝ විට නිකුත් වේවි.
මේක නම් නොබල ඉන්න එක ලොකු අපරාදයක්. කවුරුත් බැලිය යුතුම සීරිස් එකක්. එහෙනම් ඔන්න ඔයාලටත් බලන්න ආරාධනා කරනව...

උපුටා ගැනීමකි

  ඔයාලට Download කරන්න ඕන්නං Download කියන තැන click කරන්න
                                               DOWNLOAD
සිංහල උපසිරැසි ලබා ගැනීමට  මෙතන click කරන්න

Torrent hash එක මෙන්න 03AC33C494A42E529FEEE2085B4151B21220D997

Comments